F

+94716562952

sunsudan0@gmail.com

Simple Solutions for ICT .....

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සරල විසඳුම..

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සරල විසඳුම..
INFORMATION & COMMUNICATION TECHNOLOGY

Tuesday, December 13, 2016

අපේ පරිගණකය start කරද්දි අපේ නම කියා පිළි ගන්න අවශ්‍යද?


 අපේ පරිගණකය start කරද්දි අපේ නම කියා පිළි ගන්න අවශ්‍යද?

හරි මේකට සරල දෙයක් තමයි කරන්න තියෙන්නේ.
1. මුලින්ම Notepad එක Open කර ගන්න.

2. දැන් පහත දැක්වෙන Code එක එහි Type කරන්න.
Dim speaks, speech
speaks="Hi Hello Welcome to your PC Sudan"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks



3.මෙහි "Hi Hello Welcome to your PC Sudan" වෙනුවට ඔබට අවශ්‍ය ඕනෑම එකක් යෙදිය හැකිය.

4. දැන් මෙය Save කරන්න. ඒ සඳහා File type එක All Files ලෙස වෙස්කර Welcome.vbs ලෙස Desktop එක මත save දැනට Save කර ගන්න.

5. දැන් Start --> Run වෙත ගොස් shell:startup ලෙස Type කර Enter කරන්න.

6.දැන් ඔබට ලැබෙන ස්ථානයේ ඔබ කලින් Save කළ welcome.vbs යන File එක CUT & PASTE කරන්න.
7. හරි දැන් වැඩේ ඉවරයි. අපි කරපු දේ හරි ගියාදා කියලා පරිගණකය Restart කරලා Desktop එකට එද්දි අහගන්න පුළුවන්. මතක තියා ගන්න Speakers ON වෙලා තියෙන්න ඕනි කියලා. 

ස්තූතියි නැවත හමු වෙමු.

Monday, December 12, 2016

තනි Click එකෙන් අපට අවශ්‍ය මෘදුකාංග ගොන්නක්ම....

තනි Click එකෙන් අපට අවශ්‍ය මෘදුකාංග ගොන්නක්ම....

අපේ පරිගණකයට අවශ්‍ය බොහෝමයක් මෘදුකාංග එකම තැනකින් ලබා ගන්න පුළුවන් තැනක් තමයි මම අද ඔබට කියන්නේ. පහුගිය දවස්වල Blog post එකක් ලියන්න බැරි වුනා. ඒ අසනීපෙන් හිටපු නිසා හා කාර්ය බහුලතාවයන් නිසා දැන් නිවාඩු නිසා මම දන්න දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා.

මේ Link එකට ගිහින් ඔබත් බලන්න ඇත්තටම අපිට ගොඩක්ම ප්‍රයෝජනවත් වේවි.
https://ninite.com/

Saturday, October 15, 2016

Rapid Typing වලින් English Typing හුරු වෙමු.



Rapid Typing මෘදුකාංගය ඇත්තටම ගොඩක් හොඳ Typing Practice මෘදුකාංගයක්. හොඳ වර්ණවත් Interface එකක් එක්ක විවිධ අභ්‍යාස හා Typing Games මේකෙ තියෙනවා. ඉතින් Try කරලා බලන්න.මේකත් Free Download කර ගන්න පුළුවන්. 





Tamil Typing Tutor


Typing tutor software has become a craze of modern day touch typing. Basically, all those individuals who are learning to be fast of keyboards can enhance their skill and efficacy with this inventive tool.

Download & Try it realy its great 




Krita FREE and open source painting tool එකෙන් සුපිරි වැඩ ගොඩක්



අද මං කියන්න යන Software එක Free & Open Source Painting Software එකක් ඇත්තටම සුපිරි වැඩ ගොඩක් කර ගන්න පුළුවන් .ළමයි ගොඩක් ආශාවෙන් වැඩ කරන මෘදුකාංගයක් තමයි මේක. මේකෙන් චිත්‍ර අඳින්න පුළුවන් වගේම තවත් වැඩ කෑලි ගොඩක්ම තියෙනවා ඔයාලත් පාසලේ පරිගණකවලට Install කරලා බලන්න.ළමයිගේ නිර්මාන දැකලා පුදුම හිතෙයි.මොකද මටත් ඒ අත් දැකීම තියෙන නිසයි එහෙම කිව්වේ. 






Tuesday, October 4, 2016

Number System Converter එකක් අපේ Smart Phone එකට..

ICT විෂය උගන්වන ගුරුවරුන් ගොඩක් වැදගත් වන App එකක් තමයි මේ Number System Converter එක. සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය ඉතාම පහසුවෙන් කර ගන්න පුළුවන් මේකෙන්, අනික පරිවර්තනය කරපු ක්‍රමයත් එක්කම ගන්න පුළුවන් App තියෙනවා. මේකෙත් එක එක විදිහේ Apps ගොඩක් Google Apps වල තියෙනවා ඒකෙන් හොඳයි කියලා මම හිතන්නේ Numeral System Converter Free කියන App එකයි. ඒකෙන් අපිට පුළුවන් සුළු කරන විදිහත් එක්කම බලා ගන්න. ඉතින් Google Appsවල මේ නමින් Search කරලා බලන්න. මේ ඇප් එකේ Logo එක පහලින් තියෙනවා. 

Smart phone එකට අපේ පෞද්ගලික කාල සටහන දා ගමු..

අද මං කියන්න යන්නේ Mobile app එකක් ගැනයි. අද වෙන කොට Smart phone නැති කෙනෙක් නැති තරම්. ඉතින් ගුරුවරුන් වෙන අපි තාක්ෂණය භාවිතා කරන්න ඕනි අවශ්‍යතාව තදින්ම දැනෙන කාලයකයි අපි ඉන්නේ. ඉතින් අපේ පෞද්ගලික කාල සටහන අපි දින සටහනේ හරි වාර සටහනේ හරි බලාගෙනයි පන්ති වලට යන්නේ එහෙමත් නැත්තම් පොඩි කාල සටහනක ලියගෙනයි බලා ගන්නේ. අපිට දැන් පුළුවන් අපේ Smart phone එකට දාගෙන ඒකෙන් බලා ගන්න. 
මේ App එක Google Apps වලින් Download කර ගන්න පුළුවන්. Settings වලින් අපිට අවශ්‍ය විදිහට කාල සටහන හදා ගන්නයි තියෙන්නේ.හැබැයි පොඩි ගැටළුවක් තියෙනවා.පාසල්වල ජංගම දුරකතන භාවිතය තහනම් නම් මේක භාවිතා කරන්න බැහැනෙ.
මේ වගේ Apps ගොඩක් Google Apps වල හොයා ගන්න පුළුවන් මම නම් පාවිච්චි කරන්නේ Handy Timetable කියන App එකයි.ඔයාලත් උත්සහ කරලා බලන්න.

Saturday, October 1, 2016

Asc Time Tables පාඩම - 2 කොටස

Asc Time Tables පාඩම - 2 කොටස













තවත් කොටසකින් හමු වෙමු...........

Friday, September 30, 2016

පාසල් කළමනාකරණ මෘදුකාංග එකතුව දැන් e-තක්සලාවෙන්




අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව විසින් පාසල් සඳහා ලබා දෙන මෘදුකාංග එකතුව දැන් e-තක්සලාවෙන් ලබා ගන්න පුළුවන්.මේ මෘදුකාංග එකතුව තුළ පහත දේවල් තියෙනවා
  1. පාසල් සීනුව නාද කරවීමේ මෘදුකාංගය (Digital School Bell)
  • සාමාන්‍ය සිංහල හා දෙමළ පාසල් සඳහා
  • ප්‍රාථමික පාසල් සඳහා
  • මුස්ලිම් පාසල් සඳහා
  • ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා
  1. පාසලේ ගුරු වැටුප් සකස් කිරීමේ මෘදුකාංගය (School Salary System)
  2. සහන කාලසටහන සකස් කිරීම (Teacher’s Relief Time Table)
  3. සිසු දත්ත පාදකය (Student database)
  4. ගුරු දත්ත පාදකය (Teacher’s database)
ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්. ඉතින් තාක්ෂණයත් එක්ක පාසල් බද්ධ වෙන්න මේක හොඳ ආරම්භයක් කියලයි මම හිතන්නේ..................



Tuesday, September 27, 2016

Asc Time Table පාඩම -1


Asc Time Table පාඩම -1 
මම කලින් පොරොන්දු වුනා වගේම Asc Time Table එකේ නිබන්ධනයක් අද අපේ ICT ගුරුවරුන් වෙනුවෙන් එකතු කරනවා.




පාසල්වල ස්වයංක්‍රියව සීනුව නාද කරන්න Free Alarm Clock මෘදුකාංගය



පාසල්වල ස්වයංක්‍රියව සීනුව නාද කරන්න Free Alarm Clock මෘදුකාංගය


මේ software එක අන්තර්ජාලයෙන් නොමිලේ Download කර ගන්න පුළුවන්.මේක ඇත්තටම ගොඩක් පහසුවෙන් සකස් කර ගන්න පුළුවන් සරල software එකක්. අපේ පාසලෙත් මම භාවිතා කරන්නේ මේ software එක තමයි.අනික මේකට අපිට අවශ්‍ය Sound Files Add කර ගන්න පුළුවන් වීම තවත් විශේෂ දෙයක්.ඔබත් උත්සහ කරලා බලන්න.මේකේ තියෙන පහසුකම් තමයි
  • අපි සකස් කරන වේලාවන් හැමදාය ක්‍රියාත්මක කරන්න පුළුවන්
  • පරිගණකය ON කලාම software එක Automatically RUN වෙනවා.
  • පරිගණකය Sleep mode එකේ තිබුනත් සීනුව නාද වෙනවා.
  • විදුලිය විසන්ධි වෙලා නැවත ආවොත් අයෙමත්  පරිගණකය ON කලාම Software එක Automatically RUN වෙනවා.
  • පාසල පටන් ගන්න ගාථා ටිකත් එක MP3 file එකකට හදා ගෙන ඕනි වෙලවෙක (උදා- උදේ 7.35ට) Play වෙන්න හදන්න පුළුවන් ඒකෙන් අපේ ළමයි නිකන්ම ඒ වෙලාවට හුරු කරගන්න  පුළුවන්.
  • පාසල අවසානයේ ගාථාත් ඒ විදිහටම කරන්න පුළුවන්.
  • මේ  software  capacity එක 3MB වත් නැති තරම්.මේකේ portable version එකත් Download  කර ගෙන Pen එක හරහා use කරන්නත් පුළුවන්.

ඉතින් ඇත්තටම කියනවා නම් අපි මුලදී හරියට වෙලාවන් ටික හදාලා තිබ්බනම් අපිට තියෙන්නේ උදේම පරිගණකය ON  කරන වැඩේ විතරමයි.

මේකේ Download Link එක තමා

මේ තියෙන්නේ අපේ පාසලේ වෙලාවන් ටික දාපු උදාහරණයක්
ෙම් සඳහා අවශ්‍ය Sound File ටික  ෙමතනින් ගන්න පුළුවන්.

                                                           
මම හිතනවා ඔබටත් මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. ස්තූතියි. 
තවත් Post එකකින් නැවත හමු වෙන්නම්....

Wednesday, September 7, 2016

Screen Capture කරලා පාඩම් හදන්න CamStudio භාවිතා කරමු.


CamStudio කියන්නේ Free & Open Source Software එකක්. මේකෙන් අපිට පුළුවන් අපේ පරිගණක තිරය Record කරන්න. ඉතින් ICT වගේ විෂයක පාඩම් සකස් කරද්දි අපිට පුළුවන් මේක පාවිච්චි කරලා ලස්සනට පාඩම් සකස් කරන්න. මේකේ Latest Version එක වෙන්නේ CamStudio 2.7.2.



පහළ Button එක Click කරලා ඔබත් Download කරගෙන බලන්න.

Tuesday, September 6, 2016

පාසල් කාල සටහන නිර්මානයට Asc Time table.

ගොඩක් පාසල්වල කාල සටහන නිර්මානයට යොදා ගන්න මෘදුකාංගයක් තමයි මේක.මේක ගැන දන්න අය ඉන්නවා ඇති නමුත් නොදන්න අය වෙනුවෙනුයි මේ Post එක ලියන්නේ.මේකෙන් කරන්න පුළුවන් දෙවල් ගොඩක්ම තියනවා.ඉදිරියේදී මේකේ නිබන්ධනයකුත් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.



ඉතින් මේකෙන්ම පුළුවන් Relief  කාල සටහනත් හදා ගන්න.අැත්තටම ගොඩක් User Friendly මෘදුකාංගයක්.මේක Free Download කර ගන්න නම් පුළුවන් ඒ්ත් Trail Version ඒකක් තමයි ලැබෙන්නේ
ඉතින් අන්තර්ජාලයෙන් උත්සහ කලොත් Crack ඒක  පුළුවන්.ඒක මං මෙතන සඳහන් කරන්න යන්නේ නෑ.
මේකෙන් පුළුවන් 
  • පන්ති කාල සටහන
  • ගුරුවරයාගේ පෞද්ගලික කාලසටහන
  • පාසලේ සමස්ථ සාරාංශ කාල සටහන
  • පන්ති කාමරවල කාල සටහන (උදා- පරිගණක ඒකකය/විද්‍යාගාරය/ ගෘහ විද්‍යා ඒකකය/ සංගීත ඒකකය) 
වගේ දෙවල් හදා ගෙන ඒවා Print කර ගන්න.

Join Our Newsletter