F

+94716562952

sunsudan0@gmail.com

Simple Solutions for ICT .....

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සරල විසඳුම..

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සරල විසඳුම..
INFORMATION & COMMUNICATION TECHNOLOGY

Tuesday, September 27, 2016

පාසල්වල ස්වයංක්‍රියව සීනුව නාද කරන්න Free Alarm Clock මෘදුකාංගය



පාසල්වල ස්වයංක්‍රියව සීනුව නාද කරන්න Free Alarm Clock මෘදුකාංගය


මේ software එක අන්තර්ජාලයෙන් නොමිලේ Download කර ගන්න පුළුවන්.මේක ඇත්තටම ගොඩක් පහසුවෙන් සකස් කර ගන්න පුළුවන් සරල software එකක්. අපේ පාසලෙත් මම භාවිතා කරන්නේ මේ software එක තමයි.අනික මේකට අපිට අවශ්‍ය Sound Files Add කර ගන්න පුළුවන් වීම තවත් විශේෂ දෙයක්.ඔබත් උත්සහ කරලා බලන්න.මේකේ තියෙන පහසුකම් තමයි
  • අපි සකස් කරන වේලාවන් හැමදාය ක්‍රියාත්මක කරන්න පුළුවන්
  • පරිගණකය ON කලාම software එක Automatically RUN වෙනවා.
  • පරිගණකය Sleep mode එකේ තිබුනත් සීනුව නාද වෙනවා.
  • විදුලිය විසන්ධි වෙලා නැවත ආවොත් අයෙමත්  පරිගණකය ON කලාම Software එක Automatically RUN වෙනවා.
  • පාසල පටන් ගන්න ගාථා ටිකත් එක MP3 file එකකට හදා ගෙන ඕනි වෙලවෙක (උදා- උදේ 7.35ට) Play වෙන්න හදන්න පුළුවන් ඒකෙන් අපේ ළමයි නිකන්ම ඒ වෙලාවට හුරු කරගන්න  පුළුවන්.
  • පාසල අවසානයේ ගාථාත් ඒ විදිහටම කරන්න පුළුවන්.
  • මේ  software  capacity එක 3MB වත් නැති තරම්.මේකේ portable version එකත් Download  කර ගෙන Pen එක හරහා use කරන්නත් පුළුවන්.

ඉතින් ඇත්තටම කියනවා නම් අපි මුලදී හරියට වෙලාවන් ටික හදාලා තිබ්බනම් අපිට තියෙන්නේ උදේම පරිගණකය ON  කරන වැඩේ විතරමයි.

මේකේ Download Link එක තමා

මේ තියෙන්නේ අපේ පාසලේ වෙලාවන් ටික දාපු උදාහරණයක්
ෙම් සඳහා අවශ්‍ය Sound File ටික  ෙමතනින් ගන්න පුළුවන්.

                                                           
මම හිතනවා ඔබටත් මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. ස්තූතියි. 
තවත් Post එකකින් නැවත හමු වෙන්නම්....






No comments:
Write comments

Join Our Newsletter