F

+94716562952

sunsudan0@gmail.com

Simple Solutions for ICT .....

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සරල විසඳුම..

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සරල විසඳුම..
INFORMATION & COMMUNICATION TECHNOLOGY

Monday, August 29, 2016

Stellarium ග්‍රහලෝකාගාරයක් අපේ පරිගණකයටත්


ග්‍රහලෝක හා තරු රටා සම්බන්ධ මෘදුකාංගයක් මේක ඉසුරු ලිනක්ස් එකේ නම් තියෙනවා ඒත් දැනට ඒක පාවිච්චි නොකරන අයට පුළුවන් මේක Free Download කර ගන්න.

Sunday, August 28, 2016

සරල Number system converter එකක්

සරල Number system converter එකක් ඔබට ප්‍රයෝජනවත් වේවි

Saturday, August 27, 2016

අපි Type කරන දේ කියවන COMPUTER SPEAK TRICK.

අපි Type කරන දේ කියවන COMPUTER SPEAK TRICK


අද මං ඔයාලට ගෙනාවේ තවත් Windows වල තියෙන වැඩ කෑල්ලක්.ඇත්තටම මේ වගේ දේවල් පාසල්වල ළමයින්ට දුන්නම ICT විෂයට ඒ අයට තියෙන ආශාව තවත් වැඩි කරන්න පුළුවන්. පොඩි දෙයක් තමයි අපිට කරන්න තියෙන්නේ.මේක ළමයින්ට දුන්නත් එයාල කරාවි.

1.   මුලින්ම NotePad එක Open කරන්න.

2.   පසුව NotePad එකේ පහතින් තියෙන Code එක Type කරන්න.

Dim message, sapi
message=InputBox("What do you want me to say?","Speak to Me")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak message

3.   දැන් Desktop එකේ හරි කැමති තැනක හරි speak.vbs කියල save කරගන්න.

4.   දැන් ඒක open කලාම පහත box එක Open වේවි.

5.   ඔබට අවශ්‍ය දේ  Type කරලා Enter කරන්න.


6.   දැන් ඔබ Type කරපු දේ කියාවි.

Thursday, August 25, 2016

දරුවන්ට සරල English වචන ඉගෙන ගන්න Software එකක්.


මෙම මෘදුකාංගය තුළ වචන 1000කට වඩා තියෙනවා.මේ Software  එක 2 MB ධාරිතාවකින් යුක්තයි.මෙය DownLoad කරගන්න පහත Link එක මත Click කරන්න.
මෙය install කලාම පහත Window එක Open වේවි.
මෙහි Continue Click කළ විට Window එක Open වේවි. මෙහි ඔබේ නම Type කරන්න.
දැන් ඔබට පහත Window එක open වේවි. මෙහි ඇති හිස්තැන්වලට හරියන වචනය ඇතුලත් කරලා Click කරන්න. 
තව දේවල් පාවිච්චි කරද්දි අපිට ඉගෙන ගන්න පුළුවන්.මේක අපේ පාසල්වල පරිගණක වලත් දාල තියන්න පුළුවන්නේද?...

2G, E , 3G , H ,H+ 4G ගැන දැන ගනිමු.


මොනවද මේ 2G, E , 3G , H ,H+ 4G කියන්නේ.
අපි Mobile Data On කරපු ගමන් මේ වගේ Symbol ටිකක් දකින්න හම්බ වෙනව නේද?
2G, E , 3G , H ,H+ 4G

මේ Symbol ගැන විස්තර ටිකක් බලමු නේද?



1). "2G" - මෙය 2G  NetWork Internet GPRS (General Packet Radio service) Connect කළ symbol එක වේ.
මෙහි වේගය ඉතාම අඩු බව අපි දන්නවනි.මෙය 2000-2009 කාල සීමාවේදී අපි බහුලව දැකපු එකක්.
  • මෙමගින් අපි 1GB data ප්‍රමාණයක් Download කරන්න පැය165 ක කාලයකුත්
  • 1GB data ප්‍රමාණයක් යවන්න (Upload) කරන්න පැය 165 ක කාලයකුත් ගත වෙනවා.



2). "E" මේකත් 2G(2.5G)
EDGE (Enhanced Data access for GSM Evaluation) Mobile Internet වේ.
  • මෙමගින් අපි 1GB data 1GB data ප්‍රමාණයක් Download කරන්න පැය 44 ගත වෙනවා.
  • ඒ වගේම 1GB data ප්‍රමාණයක් යවන්න (Upload) කරන්න පැය 89 ක කාලයකුත් ගත වෙනවා.



3). "3G" මෙය 3G Mobile Internet
UMTS (Universal Mobile Telecom System) Connect වේ.

මේ සඳහා  (SmartPhone) එකක් අවශ්‍ය වෙනවා.
  • මෙමගින් අපි 1GB data 1GB data ප්‍රමාණයක් Download කරන්න පැය 6 ගත වෙනවා.
  • ඒ වගේම 1GB data ප්‍රමාණයක් යවන්න (Upload) කරන්න පැය 18 ක කාලයකුත් ගත වෙනවා.



4. Symbol "H" මෙය 3G Mobile Internet වේ
HSPA (High Speed Packet Aceess) මෙයත් භාවිතා කරන්න Smart Phone අවශ්‍ය වෙනවා.

  • මෙමගින් අපි 1GB data 1GB data ප්‍රමාණයක් Download කරන්න විනාඩි 25ක් ගත වෙනවා.
  • ඒ වගේම 1GB data ප්‍රමාණයක් යවන්න (Upload)  කරන්න විනාඩි 45 ක කාලයකුත් ගත වෙනවා.


5). "H+" මෙය 3G Mobile Internet වේ

(Evolved High Speed Packet Access)

මෙයත් භාවිතා කරන්න Smart Phone අවශ්‍ය වෙනවා.
  • මෙමගින් අපි 1GB data ප්‍රමාණයක් Download කරන්න විනාඩි 5ත් 25ක් අතර කාලයක් ගත වෙනවා.
  • ඒ වගේම 1GB data ප්‍රමාණයක් යවන්න (Upload) කරන්න විනාඩි 15 ත් 39 අතර කාලයක් ගත වෙනවා.


6). "4G" මෙ 3G network internet - LTE (Long Term Evolution) වේ.දැනට ඇති අළුත් තාක්ෂණයක් වෙනවා.

ලංකාවේ විවිධ ප්‍රදේශවල දකින්න පුළුවන්. මෙයත් භාවිතා කරන්න Smart Phone අවශ්‍ය වෙනවා.
  • මෙමගින් අපි 1GB data ප්‍රමාණයක් Download කරන්න විනාඩි 3ක කාලයක් ගත වෙනවා.
  • ඒ වගේම 1GB data ප්‍රමාණයක් යවන්න (Upload) කරන්න විනාඩි 5 කාලයක ගත වෙනවා.

USB, MemoryCard වල ගුණාත්මක බව පරීක්ෂා කරමු.

USB, MemoryCard වල ගුණාත්මක බව පරීක්ෂා කරමු.

USB උපාංග වන Pendrive, MemoryCard අපි භාවිතා කරන්නේ දත්ත තන්පත් කර ගන්න ඉතින් වෙළෙඳපොලේ විවිධ නම් වලින් ,විවිධ මිල ගණන්වලින් දකින්න පුළුවන්.එත් අපි මිදී ගත්ත මේ USB උපාංගවල ගුණාත්මක බව ගැන අපිට සමහර අවස්ථාවල ගැටලු මතු වෙනවා ඒකට විසඳුමක් ලෙස ChkFlsh  මෘදුකාංගය භාවිතා කරල ඒ තොරතුරු අපට බලා ගන්න පුළුවන්.
,



ඉහත LINK එකෙන් මේ Software එක Download කර ගෙන Install කර ගත්තට පස්සේ USB Drive එක Free කර ගෙන විස්තර බලා ගන්න එක තමා හොඳ.

Wednesday, August 24, 2016

Manager – සුළු ව්යා්පාරික ස්ථානවලට හරියන Accounting මෘදුකාංගයක්

Manager – සුළු ව්‍යාපාරික ස්ථානවලට හරියන Accounting මෘදුකාංගයක්


සුළු ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන යන අය ගොඩක් වෙලාවට Excel භාවිතා කරලා තමයි ගණනය කිරීම් කර ගන්නේ ඊට හේතුව Accounting software එකක් මුදලක් දීලා අරගෙන කරන්න අමාරු නිසා.ඊට විසඳුමක් ලෙස නොමිලේ ලැබෙන  Accounting software එකක් තමයි Manager කියලා කියන්නේ.
මේ තමයි Manager කියන මෘදුකාංගය. මේක පාවිච්චි කරන එකත් අමාරු නැහැ. මෙමගින් ව්‍යාපාරයේ ලාභලාභ ගණනය කරගන්න  (income and expense), ආදි ගොඩක් දේවල් කර ගන්න පුළුවන්  Balance Sheet, Profit and Loss, Ledger Summary වගේ දේවල් උනත් කර ගන්න පුළුවන්.
මේ වගේ ගොඩක් දේවල් මේක තුල තියෙනවා 

FOSS (නිදහස් මෘදුකාංග භාවිතා කරමු).

අප බොහෝ දෙනා MS Office භාවිතා කරනවා.  ඒත අප මේ software මිලදී ගත් ඒවා නෙවෙන්න පුළුවන්.ඇත්තටම ඒවට හොර copy  කියලනේ කියන්නේ.ඒත් අපි FOSS (Free and Open Source Software) භාවිතයට ගත්ත නම් මේ ප්‍රශ්න නෑ. අපි නිකන් බලමු ලංකාවේ Office පැකේජ් විකිණෙන මිල ගණන්.
  • Ms office-365 small bussiness premium (nw) - list price: lkr 23,250.00 
  • Office home & student 2013 - lkr 14,000.00 
මේකෙන් පොඩි ඉගියක් ගන්න පුළුවන්නේ මිල ගණන් ගැන.ඊට විකල්පයක් ලෙස අපිට පුළුවන් මේ මෘදුකාංග භාවිතා කරන්න. පුංචි පුංචි වෙනස්කම් තිබුනට ඒක හුරු උනාම ගානක් නෑ.

එහෙම තියෙන නිදහස් මෘදුකාංග කිහිපයක් අපි දැන් බලමු.

MS Office වලට පස්සේ ලෝකයේ වැඩි දෙනෙක් භාවිතා කරන software package එක මෙය වේ. මෙය නිදහස් මෘදුකාංගයකි. word processing, spreadsheets, presentations, graphics, databases ආදි සියළු කටයුතු මෙමගින් කර ගත හැකිය.


මෙයත් නිදහස් මෘදුකාංගයක් වේ. 10 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය නිර්දේශයත් මෙය ඇතුලත් කරලා තියෙනවා කියලා අපි දන්නවනි.

ගොඩක් Tool මේ මෘද්කාංගය තුළ දකින්න පුළුවන්. භාවිතයත් පහසුයි.. මෙයත් නිදහස් මෘදුකාංගයක් වේ.මේ තුළ  Lotus Symphony Documents, Lotus Symphony Spreadsheets and Lotus Symphony Presentations. ආදි මෘදුකාංග කොටස් දකින්න පුළුවන්.

මීට අමතරව තවත් මෘදුකාංග කිහිපයක් බලමු.

5. Koffice

Facebook වීඩියෝවක් download කර ගමු.

Facebook වීඩියෝවක් download කර ගමු
      1. Facebook හි අවශ්‍ය වීඩියෝ එක Play කරන්න.
      2. වීඩියෝ එක මත Right click “Show URL” මත click කර එය copy කර ගන්න.
      3. දැන් එය Address Bar එක මත Paste කර ගන්න.
      4. දැන් www යන්න ඉවත් කර ඒ වෙනුවට m ලෙස ලබා දෙන්න.
      5. දැන් එහි අළුත් ලිපිනය මෙසේ දිස් වනු ඇත. https://m.facebook.com/kiteslk/videos/1068388476560502/
      6. දැන් Address Bar එක මත Enter කරන්න.
      7. පසුව වීඩියෝව play කරන්න.
      8. දැන් වීඩියෝව මත right click කර Save Video as තෝරන්න.
      9. දැන් ඔබේ පරිගණකයේ save කර ගන්න.

Tuesday, August 23, 2016

Google වලට සමාන "DuckDuckGo" නැමති Search Engine එක ගැන දැන ගනිමු

Windows මෙහෙයුම් පද්ධතියේ delete කරන්න බැරි folder සෑදීම

Windows මෙහෙයුම් පද්ධතියේ delete කරන්න බැරි folder සාදන්නේ කෙසේද?

අප සමහර අවස්ථාවලදී file ඇතුලත් folder වැරදීම්වලින් delete කර දමන අවස්ථා ඇත. පසුව recovery මෘදුකාංග භාවිතයෙන් නැවත ඒවා ගැනීමට උත්සහ කළ අවස්ථා ඔබටත් ඇත.ඊට විසඳුමක් ලෙස delete කළ නාහැකි ආකාරයට folder නිර්මානය කර වැදගත් file ඇතුළත් folder ආරක්ෂා කර ගත හැකිය.
මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
1. CMD
open  කර ගන්න (run > cmd).
2.  
එහි cd\  ඇතුලත් කර enter කරන්න.
3. තිරයේ C:\> ලෙස ලැබේවි..දැන් අවශ්‍ය  drive එක ලබා දෙන්න.(eg. D:).
4.
දැන් පහත දැක්වෙන නම් වලින් කැමති එකක් ලබා දී අලුත් folder යක් නිර්මානය කර ගන්නம்.
.
con, aux, lpt1, lpt2, lpt3, lpt4, lpt5, lpt6, lpt7, lpt8 and lpt9.
(windows explorer
තුළ ඉහත නම් වලින් folder නිර්මානය කළ නොහැක.)
5. eg. "md con\" (without double quotes) ලෙස ලබා දෙන්න. එවිට delete කළ නොහැකි folder නිර්මානය වේ. 
6.
දැන් මෙම folder windows explorer මගින් delete හෝ rename කළ නොහැක.මේ folder නැවත delete කිරීමට cmd වෙත ගොස් "rd con\" (without double quotes) ලෙස ලබා දිය යුතුය. දැන් con folder එක delete වේවි.


Join Our Newsletter